Kirindi Ella – කිරිඳි ඇල්ල

Kirindi Ella
ලංකාවේ උසම දියඇලි අතර උසින් හත්වන ස්ථානය හිමිකරගන්නා මෙම සුන්දර දියඇල්ල පිහිටල තියෙන්නෙ රත්නපුර දිස්ත්‍රික්කයේ පැල්මඩුල්ල නගරයට ආසන්නව. මීටර් 940 පමණ උසින් පිහිටි කුට්ටාපිටිය කන්දෙන් ඇරඹෙන කිරිඳි ඇල තමයි, මේ මනරම් වූ කිරිඳි ඇල්ල (උස 116m) නිර්මාණය කරමින් පහළට කඩා හැලෙන්නෙ. අවසානයේදී මේ ජලය එකතුවෙන්නෙ කළුගඟට. සුවිශාල ජෛව පද්දතියක් උරුමකරගත්ත මේ දියඇල්ල ආශ්‍රිතව අපේ රටට අවේනික වූ සත්ව සහ ශාක විශේෂ ගණනාවක් දැකගත හැකියි. එබැවින් ඔබ මෙම ස්ථානය නරඹන්න යනවනම් මේ වටිනා පරිසර පද්ධතිය ආරක්ෂා කරමින් එහි සුන්දරත්වය විඳගන්න අමතක කරන්න එපා. ඒ වගේම කුඩා දරුවන් සහ අවට විහාර වල සංඝයා වහන්සේලා මෙම ස්ථානයට දිය නෑමට පැමිණෙන නිසා අශෝබන අයුරින් මේ අවට නො හැසිරීම ඔබේ වගකීමක් මෙන්ම යුතුකමක් ද වෙනව.

මාර්ගය

  1. කොළඹ ඉඳන් පොදු ප්‍රවාහන සේවයක එනවනම් මාර්ග අංක 99 බස් රථයක ඇවිත් පැල්මඩුල්ල නගරයෙන් බහින්න. ඊට පස්සේ පැල්මඩුල්ල බස් නවතුම්පොලෙන් තොටිලගම බස් රථයකට නැග්ගහම දියඇල්ල ළඟින්ම බහින්න පුළුවන්.
  2. පුද්ගලික වාහනයක පැමිණෙනවනම් රත්නපුර නගරයට ඇවිත්, රත්නපුර පැල්මඩුල්ල මාර්ගයේ කුට්ටාපිටිය හන්දියට 0.5 KM පමණ දුරින් හැරිල 7 KM පමණ ගමන් කරල දියඇල්ල ලඟට පැමිණෙන්න පුළුවන්. (අවශ්‍යනම් ගම්වැසියන්ගෙන් මාර්ගය විමසන්න.)

ක්‍රියාකාරකම්

  1. ගවේෂණය
  2. ඡ‍ායාරෑපකරණය
  3. ස්නානය 

වැදගත් කරුණු

  1. මත්ද්‍රව්‍ය / මත්පැන් රැගෙන නොයන්න.
  2. ඔබ රැගෙනයන පොලිතින් සහ නොදිරන ද්‍රව්‍ය නැවත ඔබ සමග ඉවතට රැගෙන යන්න.
  3. අවට පරිසරය සුරකිමින් එහි සුන්දරත්වය විඳගන්න.
  4. වර්ෂා කාලයේදී ස්නානය කරන විට ප්‍රවේශම් වන්න. දියඇල්ලේ ජල මට්ටම ක්ෂණිකව ඉහළ යාහැක. 
  5. දියඇල්ල පාමුලට ගමන් කිරීමට පඩි 200 පමණ බැස පහළට යා යුතුය. එබැවින් වැඩිහිටි උදවියට තරමක් අපහසු ගමනාන්තයකි.

සුදුසු කාලය 

වසරේ ඕනෑම කාලයක යාහැකිය. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *